ලංකාවට තවත් අසුබ පණිවුඩයක් - අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්
මදුරුවන් මඟින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා වෛරසය වේගයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යාම නිසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට දෙවන මට්ටමේ (Level 2) සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පියවර ගෙන ඇත.
ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද මෙම නිවේදනය මඟින් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් බව සඳහන්.
2025 නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම "දිට්වා" සුළි කුණාටුව නිසා මෙරට යටිතල පහසුකම්වලට සහ සෞඛ්‍ය පද්ධතියට විශාල හානි සිදුව ඇත.
එසේම කුණාටුවෙන් පසු ඇති වූ දරුණු ගංවතුර සහ ජලය බැස නොයෑම හේතුවෙන් මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇත.
එය චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තියට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.