රත්නපුර මහනගර සභාවේ අයවැයෙන් මාලිමාවට අන්ත පරාජයක්
ජාතික ජන බලවේගයට අයත් රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවන වර කියවීම අද (19) දින සිදු වූ අතර එය පරාජයට පත්වී තිබේ.
මෙම ඡන්දයදී අයවැයට පක්ෂව 13 ඡන්ද සහ විපක්ෂව 14 ඡන්ද ලැබී ඇති අතර, ඒ අනුව වැඩි ඡන්ද 1කින් අයවැය ආණ්ඩුව පරාජයට පත් විය.
සියලුම මන්ත්‍රීවරු 27 දෙනාම සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් L.P. ලියනආරච්චි මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
ඡන්දයෙන් අනතුරුව පොදු විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ, නගරාධිපතිවරයාගේ දැඩි බව සහ අසාමාන්‍ය ලෙස බදු වැඩි කිරීම නිසා මෙම තීන්දුව ගත් බවය.