ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඉදිරි පැය 24 තුළ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00 පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ.

දරුණු භූමිකාවක්

දරුණු භූමිකාවක්

නැගෙනහිර මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දේ.

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි