නීතීඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කල මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය පැමිණ සිටියදී නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු අයුරු නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බවය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සහ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ සිදුවීමේදී නගරාධිපතිවරයා නිල නොවන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ප්‍රකාශ කර ඇති බවත් එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැරදි සහ නොමග යවන සුළු වන බවත් සඳහන් කර ඇති නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පවසනුයේ නගරාධිපතිවරයා කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් යටතේ කටයුතු නොකරන බවත්ය.
ඒ අනුව නිවේදනයේ සදහන් වන්නේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ මෙම හැසිරීම සම්බන්ධව නීතීඥ සංගමය දැඩි ලෙස හෙළා දකින බවත් එය නීතීඥයෙකුගේ වෘත්තිය වගකීම් සහ ස්වාධීනත්වයට සිදුකළ බරපතළ මැදිහත්වීමක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය සළකනු ඇති බවත්ය.