ජීවිත බිළිගත් ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් තොරතුරු එළියට
බොහෝ කතාබහට ලක්වුණ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුව තිබෙන බව තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණය කර තිබේ.
අදාළ එන්නත මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි බව එම සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සදහන් කර තිබේ.
තවද වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියටම අනුව මෙම වසරේ දී පමණක් මෙවැනි කොලිටි ෆේලියර්ස් පර්යේෂණාත්මකව තහවුරු වුණු අවස්ථා අනූවක් පමණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
තවද වෛද්‍යවරයා සදහන් කළේ ඉන් ඉන් ආසන්නතම සිදුවීම බවට පත්වනුයේ ඔන්ඩැන්සෙට්‍රෝන් නැමති ඖෂධය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වීම බවයි.
ඒ වගේම අදාළ සමාගමේ තවත් ඖෂධ නමයක් මේ වෙනකොට අත්හිටුවා තිබෙන කාරණය තවත් බරපතල වන බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ සම්බන්ධව පළකලේ මෙවන් අදහසක්
'හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අදාළ සමාගමෙන් දිගින් දිගටම මෙහෙම ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි එනකොට මේ ගැන ගත්තු තීන්දු තීරණ මොනවද? තැන් තැන්වල දේශපාලඥයින්ගේ, සහෝදර සහෝදරියන්ගේ නම් ගෑවෙනවා. ඖෂධ මාෆියාව ගැන කතා කරනකොට මේක මේ අර වගේ හැමතැනම තමන්ගේ අඩු විහිදගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ඒක නෑ කියන්න බෑ. සමහරු මේක ඇතුළට එන්නේ අර මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. දැන් මේ මොහොතේදීත් අපි දකින්නේ අර ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑ හයක් පුරා සිද්ධ වෙච්ච දේ. මේ හැත්තෑ හත්වෙනි අවුරුද්දෙත් ආයි ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එතනදි කවුරුහරි කියනවා නම් මේක අහවල් නිලධාරියා තමයි මේකට වගකියන්න ඕනේ. එහෙම මේවයින් මිදිලා යන්න බැහැ.''