ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

Report

වග කිය යුතු තනතුරක් දරමින් රජයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම අද (19) සිදුවිය.

මෙයට හේතුව ලෙස සඳහන් කරනුයේ විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලාත්මක තත්ත්වයක් ඇතිවන ආකාරයෙන් රෝගීන් පිළිබඳව තොරතුරු ජන මාධ්‍යයට ප්‍රකාශ කිරීම සහ විවිධ අත්තෝනෝමතක ප්‍රකාශයන් සිදු කිරීම බවයි සඳහන් වෙන්නේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

ඒ අනුව ඔහු විසින් සිදු කරන ලද මෙම විෂමාචාරී ක්‍රියාවන් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ අනුව ඔහු සතු රජයේ දේවල් තිබේ නම් ඒවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විසින් නියම කරන අයෙකුට භාරදිය යුතු අතර වැඩ තහනම් කාලය තුළ දිනෙන් බැහැරව යාමට හෝ පදිංචි ස්ථානයේ ලිපිනයේ වෙනසක් සිදුවන්නේ නම් එය දැනුම් දිය යුතු බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන්.

තව දුරටත් ප්‍රධාන වැව් 34 ක වාන් දොරටු විවෘතයි

තව දුරටත් ප්‍රධාන වැව් 34 ක වාන් දොරටු විවෘතයි

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ,

මම වෛද්‍යවරයෙක්. ඒ නිසා ප්‍රයිවර්ට් හරි කර හැකි ජොබ් තියෙනවා.බැරි උනොත් හිඟා කනවා.ඔය කෝටිපතියොත් ඉන්න හිඟා කකා.දැන් ඔයගොල්ලෝ මගෙන් මෙහෙම ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ආයෙත් ඊට පස්සේ විනය පරීක්ෂණ"

යනුවෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රැකියාව අහිමි වූව්දට ඔහුට කිසිදු දුකක් හෝ පශ්චාත්ථාපයක් නොමැති බවයි.