විදෙස්ගත වන අයගේ වයස් සීමාව සංශෝධනය කරයි...නව වයස් සීමාව මෙන්න.

Sri Lanka
By Aruna Jun 21, 2022 03:51 AM GMT
Aruna

Aruna

Report

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු විසිතුනක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු විසි එකක් ද වනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී වයස් සීමාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට 2022 ජුනි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව එකී අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා ගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු විසි එකක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now