විශ්‍රාමිකයින්ට රජයෙන් සතුටු හිතෙන පණිවිඩයක්.

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Ministry of Finance Sri Lanka
By krishani May 28, 2023 07:59 AM GMT
krishani

krishani

Report

2022 වසරේ දෙසැම්බර් මස දක්වා ගෙවීමට ඇති විශ්‍රාම පාරිතෝශික දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

ඒ රුවන්වැල්ල රාජසිංහ විදුහලේ වර්ණ ප්‍රධානෝත්සවයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

එහි මීළග පියවර ලෙස 2023 වසරේ පෙබරවාරි දක්වා වන විශ්‍රාම පාරිතෝශික දීමනා ලබා දීමට ද රජය සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කෙසේවෙතත්, ආර්ථික අර්බුදය හමුවේ රජය දැඩි මූල්‍ය විනයක් සහ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යමින් වියදම් කිරීමේ ප්‍රමුඛතා අනුව මුදල් වැය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join