ගිනි අවියක් සමඟ විශ්‍රාමික නාවික සෙබළෙකු අත්අඩංගුවට

Police spokesman Sri Lanka Sri Lanka Magistrate Court Sri Lanka Navy
By Hashini Sep 18, 2023 05:58 AM GMT
Hashini

Hashini

Report

විශ්‍රාමික නාවික සෙබළෙකු මාලිම්බඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟින්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ උයන්ගොඩ, කරගොඩ ප්‍රදේශයේ හතළිස් දෙහැවිරිදි පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන්නේ සැකකාර විශ්‍රාමික නාවික සෙබළා මුලතිව් ප්‍රදේශයේ රාජකාරි කරන අවධියේ දී මෙම ගිනි අවිය නිවසට රැගෙනවිත් ඇති බවයි.

සැකකරු අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ReeCha