ෆොන්සේකා මුල්ලටම විසිවෙයි..වහාම මේජර් ජෙනරාල්වරයෙක් තනතුරක් සමගම සජිත්ට එක්වෙයි

Sajith Premadasa Sarath Fonseka Samagi Jana Balawegaya Sri Lankan political crisis
By Sewvandhi Feb 23, 2024 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජන බලවේගය සමඟ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා එක්වී තිබේ.

එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ මහතා, එම පක්ෂයේ දුෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඒකක ප්‍රධානියා ලෙස හා සජිත් විපක්ෂ නායකවරයාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක ලෙසද පත්කර තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි.

ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය.

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වූ සමයේ එහි ඉදිරිපෙළ නායිකාවක් ලෙස කටයුතු කළ ඇය පසුව සමගි ජන බලවේගය සමඟ දේශපාලනයට පිවිසුනාය.