ඉන්ධන ගැන තවත් සුබ ආරංචියක් - මේ අයට අමතර ඉන්ධන කෝටාවක් දෙන්න සූදානමක්
ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරයි.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සෞඛ්‍ය අංශයේ සෙසු නිලධාරීන් සහ සේවකයන්ටද යම් වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට සලකා බලන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඊට අමතරව ගිලන්රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාවෙන් බැහැරව නිකුත් කරන ලෙසට පිරවුම් හල්වලට නියෝග කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.