මෙරට covid මරණ අඩු වීමට සැබෑ හේතුව

sri lanka Corona virus Covid 19
By Sithumi Sep 20, 2021 03:32 PM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන ඇඳිරිනීතිය පනවා මාසයක් සම්පූර්ණ වන අද (20) වනවිට කොවිඩ් ආසාදිත මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව දත්ත අනුව පෙනීයයි. 

 ඒ අනුව, ගෙවීගිය එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ පහළයාමේ ප්‍රතිශතය 40%කි. සැප්තැම්බර් 18 වනදායින් අවසන් වූ ගෙවුණු දින 28ක කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ වාර්තාවීම සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කළ දත්තවලින් පැහැදිලි වේ. 

ඒ අනුව අගෝස්තු 22න් ආරම්භ වූ පළමු දින 7 තුළ කොවිඩ් මරණ 1309 ක් වාර්තා වුණි. අගෝස්තු 29න් ආරම්භ වූ දින 7 තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 1365කි. සැප්තැම්බර් 5 වනදායින් ආරම්භ වූ දින 7 තුළ කොවිඩ් මරණ 1156ක් වාර්තා වුණි. 

 නමුත් සැප්තැම්බර් 12 වනදා සිට සැප්තැම්බර් 18 වනදා දක්වා අවසන් සතියේ වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 829 කි. මෙම සති 4න් වැඩිම මරණ ගණනක් වාර්තා වී තිබුණේ දෙවැනි සතියේ එනම් අගෝස්තු 29න් ආරම්භ වූ දින 7 තුළය. 

 කෙසේවෙතත් එම සතියට සාපේක්ෂව සිව්වන සතියේ මරණ වාර්තා වීම 40%ක් පමණ පහළගොස් තිබීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය අගෝස්තු 20 වනදා සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් මාසයක් ගතවීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට මිනිස් ජීවිත දහස් ගණනක් කොවිඩ් මාරයාගෙන් බේරී ඇති බව මනාව පැහැදිලිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now