අර්බුද මැද යළි නැගිටින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් - Reset Sri Lanka (VIDEO)

Sri Lanka
By Wayomi Jan 24, 2023 07:42 AM GMT
Wayomi

Wayomi

Report

අරමුණ Reset Sri Lanka දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මෙලෙස පැවැත්වුණා.

තරුණ ව්‍යවසායකයන් සහ දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යාමට සවියක් වීම, සමාජ වෙළඳපොල ආර්ථිකය ප්‍රවර්ධනය තුළින් වෘත්තිකයන් බලගැන්වීම හා ගෝලීය ප්‍රවණතාවයන් හමුවේ "රට පෙරට" යනුවෙන් සිතන පරපුරක් බිහිකිරීම, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති පිළිබඳ කතිකාවතක් ගොඩ නගන බුද්ධිමය කවයක් ලෙස කටයුතු කිරීම සහ දේශීය ව්‍යවසායකයන් මීළඟ දශකයේ අභියෝග සඳහා සූදානම් කිරීම අරමුණු කර ගනිමින් මෙම දීපව්‍යාප්ත වැඩසටහන සිදු වෙනවා.

" ඔබ මොහොතකට හිතාවි මේ රටට තියෙන්නේ මේ ප්‍රශ්නය විතරක් ද කියලා. සැබැවින්ම ඔව් !

ව්‍යවසායකත්වය,නිර්මාශීලීත්වය පමණක් නිසාවෙන් ජාතියක ජීව ගුණය ,ජාතියේ බලය ඇති කළ හැකියි. එය නිර්මාණාත්මක පුද්ගලයින් අතේ රදා පවතී. අපි මෙතරම් ජාතික අර්බුදයක සිටිය දී දේශපාලන වගේම මාධ්‍ය සංවාදවල කොතනකවත් විසදුම් සාකච්ඡා කර නැහැ. ඇයි අපි මේ බය වෙලා ඉන්නේ..30% ක් කුලියට අරන් අවුරුද්දක් අල්ලන් ඉන්න පුලුවන්ද? මෙම තත්ත්වය අවිනිශ්චිතයි. එම නිසා ම අපි යන්නේ ඍනාත්මක මානසිකත්වයක. කරුණු සියල්ල ඇත්ත වුණත් අපි සියල්ල එකාවන්ව ධනාත්මකව මේ දෙස බැලිය යුතුයි. අද මේ ඇතිව ඇති දේශපාලනික සංක්‍රාන්තික යුගය තුළ මේ ඍනාත්මක ආඛ්‍යානය අතිශය හානිකරයි. එම නිසා අපි විවෘතව ආරාධනා කරනවා සාම්ප්‍රධායික දේශපාලනයේ නියුතු දේශපාලඥයින්ට මේ ජාතියට අවශ්‍ය ධනාත්මක ප්‍රවේශය ලබා දෙන්න එන්න කියලා. අපේ අරමුණ අප ඔබ සමඟ එක්ව අලුත් විසදුමක් කරා ගෙන යන එක. ඒ සඳහා නව මානයන් ,නව චරිත, නව ආඛ්‍යානයක් අවශ්‍යයි. ඒ හරහා ප්‍රායෝගිකව සියල්ල ඉෂ්ට කරන දිනයක් සඳහා ඔබත් මෙම ජාතික වැඩපිළිවෙලට දායකත්වය මෙන්ම ආශිර්වාදයක් වන්න."  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW