රාගම ලොකු සීයාගේ ඥාතීන් ජනපතිගෙන් කළ ඉල්ලීම
වසර 14 ක් පුරා නොවිසඳුණු අපරාධයක් වන රාගම දේවාලයේ ප්‍රධාන දේව ගැති එම්. එස්. එම්. නියාස් නොහොත් ලොකු සීයා කුරිරු වධ හිංසා පමුණුවා ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය යළි ආරම්භ කර ඊට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පවුලේ ඥාතීහු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
2011 ඔක්තෝබර් 27 වැනිදා සවස මහබාගේ පොලිස් වසමේ ගුණසේකර මාවතේදී සුදු වෑන් රථයකින් පැමිණ ගිනි අවි සහිතපිරිසක් ලොකු සීයා පැහැරගෙන ගොස් තිබූ බවත්, පසුව ඔහුට වධහිංසා පමුණුවා ඝාතනය කර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ මුහුදේ ගිල්වා තිබූ බව ලොකු සීයාගේ පවුලේ ඥාතීන් විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.
එලෙස ඝාතනය කර මුහුදේ යාගේ ගිල්වා තිබූ ලොකු සීයාගේ මෘත දේහය අක්කරෙයිපත්තුව බදුර්නගර් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ බවත්, මළ සිරුර ගැට ගසා තිබූ ලණු සහ යකඩ කොටස් ද සොයාගත් බවත්, පවුලේ ඥාතීන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
