පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

By Gagana News Feb 26, 2025 08:59 AM GMT
Report

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේදී අද (26) උදෑසන 11.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වන විට රෝහල්ගත කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටියදී වෙඩිතැබීම සිදුව ඇත. වෙඩික්කරුවන් පළා ගොස් ඇති අතර තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී මේ වන විට ඔහු ගම්පහ රෝහලට මාරු කර යවා තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසැල් මිතුරෙකු බව ද අනාවරණය වී ඇත. 

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි