පොදු ප්‍රවාහනය ඇරඹීම කල් දමයි..? රට වටෙන්ම රතු නිවේදන..සියලු විස්තර මෙන්න..
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් -19 රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම පිළිබඳව කණගාටුව පළකරන බව ද ඒ මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසුවා.
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා අසාදිතයින් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එසේම, සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ඉදිරි සතියේ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.
මේ වනවිට බිම් මට්ටමෙන් වැඩි වශයෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
"දෛනිකව බිම් මට්ටමෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් තරමක වැඩිවීමක් මේ දිනවල පෙන්නුම් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම රට විවෘතකර සති දෙකකට ආසන්න කාලයක් ගතවනවාත් සමග ම මෙලෙස වැඩිවීම සඳහා මහජනතාවගේ සංචරණසීමා පිළිපැදීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ ගැටලු හේතුවෙන බව දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා.
කෙසේවෙතත් මේ වාර්තාවන රෝගීන්ගේ රෝග ලක්ෂණවලින් තොර රෝගීන් තමයි විශාල වශයෙන් වාර්තා වෙන්නේ ඒකට ප්‍රධාන හේතුව විදිහට පෙනෙන්නට තිබෙන්නේ එන්නතේ ප්‍රතිශතය ඉහළයෑම නිසා රෝග ලක්ෂණ පෙන්වීම කරන්නේ නැති බව .ඒ නිසා රෝග ලක්ෂණ රහිත රෝගීන් යම් තරමකට වැඩිවෙමින් තිබෙනවා. මේක ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එන්නත් ලබා නොගත් තාමත් යම් ප්‍රතිශතයක් ඉන්නවා. යම් තරමකට මේ වැඩිවීම ඉදිරියත් පැවතුනහොත් අපි ඉදිරියේදී අර්බුදකාරි තැනකට තල්ලු වෙන්න පුළුවන්."
ජනතාව ඉදිරි දින කිහිපය තුළ සංචරණය සීමා කරමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |