කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කරන්න කඩිනම් පියවර.
දිවයිනට පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුම් දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මහජනතාවට තර්ජනයක් විය හැකි පාර දෙපස පවතින සෑම දෙයක්ම ඉවත් කරන ලෙසයි.
අමාත්‍යවරයා පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධවී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත්තේ.
අද උදෑසන කොල්ලුපිටියේදී බස් රථයක් මතට අද (06) පෙරවරුවේ ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වූ අතර එයින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කණගාටුව ප්‍රකාශ කරමින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
