ජනතාවට සහනයක් - එය ලැබෙන පිරිස ගැන දැනුම්දීමක්.
Galle
Matara
Sri Lanka
Weather
By krishani
රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක් ප්‍රදානය කර ඇත.
ඒ ගංවතුරින් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවටයි.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත එම ජල බෝතල් භාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ වනවිට ගංවතුර තත්ත්වයත් සමග එම දිස්ත්‍රික්කවල ළිං සහ පානිය ජල මුලාශ්‍ර බොහෝමයක් අපවිත්‍ර වී ඇත.
කෙසේ වෙතත්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රතු කුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
