මෙන්න නැවතත් සහන මල්ලක්..

turmeric pepper sathosa chili powder sahana malla
By Sewvandhi Jul 21, 2021 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුලු වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා.

කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ජීවන වියදම, ආර්ථිකය හා අපනයන ප්‍රවර්ධනය” යන මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

ඉකුත් වසරේ ජුලි මාසය වන විට රු.මිලියන 27,977 ක් වූ සුළු අපනයන බෝග ආදායම, මෙම වසරේ අද වනවිට රු.මිලියන 43,112 ක් දක්වා වැඩිකිරීමට හැකි වූ බවත් , වසරේ ඉදිරි කාලය තුළ මෙම ආදායම දෙගුණ කිරීමටත් අපනයන වෙළෙඳපොල පුළුල් කර සුළු අපනයන ආදායම වැඩිකිරීමටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා අනාවරණය කළ පරිදි, කුළුබඩු සංස්ථාව පිහිටුවීම, කෘෂි අපනයන කලාප හා අපනයන ගම්මාන ඇතිකිරීම වැනි නව ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දියත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now