එළැඹෙන සැප්තැම්බරයේදී මෙරට සිදු කරන්න යන දේ ...

Report

පොදු මගී ප්‍රවාහන සේවා ගාස්තු නියාමනය කිරීම ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය වීම සිදුවනු ඇති.

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට අනුව ඉදිරියේදී ජලය ආශ්‍රිත මගී ප්‍රවාහන සේවාද නියාමනය කර ගාස්තු නියම කිරීමට යටත් කෙරෙන අතර මගී පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමතිවරයාට අවශ්‍ය අවස්ථාවකදී ඕනෑම මගී ප්‍රවාහනයක් එම පනතට අනුව නියාමනය කිරීමට හැකියාව ලැබෙන බව සඳහන්.