ලංකාවේ විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි ලියාපදිංචියට අවධානය.
Bandula Gunawardane
Sri Lanka
Sri Lanka Cabinet
Electric Vehicle
Department of Motor Vehicles
By Hashini
ලංකාව තුළ ඇති විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවධානය ඒ සඳහා යොමුව ඇති බවයි.
අමාත්‍යවරයා ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.
එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචියට අමතරව රක්ෂණයක් ලබා ගැනීම ද අනිවාර්ය වන බවයි.
