ලියාපදිංචියක් අත්හිටුවමින් අති විශේෂ ගැසට්ටුවක්.
Sri Lanka
Government Of Sri Lanka
By krishani
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් ය.
එම කමිටුවේ සභාපති ලෙස සී.ඒ.ජී. ද සොයිසා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස ආචාර්ය ජයලත් ඉලංගකෝන් කටයුතු කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝග අනුව එම සම්මේලනයෙහි විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණ කමිටුවක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ යුතුයි.
