මේ දේ නම් රැකියාවක් කරන නොකරන, අයට ගොඩක් වැදගත් වෙයි?.
මෙරට පවතින කම්කරු නීති නව යුගයට ගැලපෙන පරිදි වෙනස් කිරීම සම්බන්ධයෙන් සහ යෝජිත නව රැකීරක්ෂා පනත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම සාකච්ඡාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී සංවිධානය කර ඇත.
ඒ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවාවට සමගාමීව ය.
එහිදී අමාත්‍යවරයා නව රැකීරක්ෂා පනත මගින් අත්වන ප්‍රතිලාභ සහ එමගින් මෙරට ශ්‍රම බලකායට සැලසෙන ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන් විය.