පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන පෙත්සමක්...

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාගය සඳහා මේ මස 24 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

දවුලගල සිද්ධිය නිසා පොලීසියේ වෙනසක් ...

දවුලගල සිද්ධිය නිසා පොලීසියේ වෙනසක් ...

මෙම පෙත්සම අද (22) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු විභාගය සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසය.

පෙත්සන්කරු කියා සිටින්නේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවය.

විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවු බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්...

විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවු බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්...

යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධාන තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමින් ඉල්ලා සිටී.  

You may like this video