රජයේ ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ගත් තීරණය..
Sri Lanka
By krishani
අද (17) පෙරවරු 08ට, රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අවසන් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කළේ ය.
බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයක නිරත වන බව එහි සභාපති තුෂාර රණදේව මහතා පැවසීය.
මෙම වර්ජනය ක්‍රියාත්මක කළේ, ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිවයි.
ඒ හේතුවෙන් රෝහල් රැසක රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වූ අතර දැඩි අසීරුතාවට පත් වූ බවට රෝගීන් චෝදනා කළේ ය.