කාලගුණයෙන් රතු නිවේදනයක්

By Hashini May 28, 2025 11:42 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ තද සුළං සහ රළු මුහුද පිළිබඳවයි.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අද (28) පස්වරු 12.30 සිට හෙට (29) පස්වරු 12.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

ජනපති හදිසියේ Facebook සටහනක් තබයි

ජනපති හදිසියේ Facebook සටහනක් තබයි

මේ අතර හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.

මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. 

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය