ටෙලිග්‍රෑම් වලට ලෝක දඩයක් වැටෙයි

Report

තහනම් අන්තර්ගතයන් ඉවත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රුසියාව ටෙලිග්‍රෑම් පණිවිඩ යෙදුමට රුබල් මිලියන 35 ක (ඩොලර් 432,366) දඩයක් නියම කර ඇති බව රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

රුසියාවේ වඩාත්ම ජනප්‍රිය පණිවිඩ යෙදුම්වලින් එකක් වන ටෙලිග්‍රෑම්, නීති විරෝධී සහ අන්තවාදී අන්තර්ගතයන් සඳහා වේදිකාවක් ලෙස භාවිතා කිරීමට ඉඩ දී ඇති බවට බලධාරීන් නැවත නැවතත් චෝදනා කර තිබේ.

ටෙලිග්‍රෑම් චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර MAX නම් රාජ්‍ය යෙදුමකට මාරු වීමට මිනිසුන්ට බල කිරීම සඳහා රුසියාව තම සේවාවන් සීමා කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ.