හෙට පාන්දර වෙනකල් ආයෙත් රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩහින්න, හඟුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව, හෙට (19) අලුයම 2.30 දක්වා 3 මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම ආයතනය දැනුම් දෙයි.
මේ අතර නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම නිසා දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළා.