පැයට කිලෝමීටර් 60ක තද සුළං - ලංකාව වටා මුහුදු තීරයට හදිසි අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (29) උදෑසන 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (30) උදෑසන 11.00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.
ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු තත්ත්වය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 3.0ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.