"කොළඹ කුණු ප්‍රශ්නය නගර සභාවට විතරක් තනියම විසඳන්න බෑ" - නගරාධිපතිනී කෙලින්ම කියයි

Report

කොළඹ නගරයේ පවතින කසළ ගැටලුව කොළඹ මහ නගර සභාවට පමණක් විසඳිය හැකි එකක් නොවන බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

පිරිසිදු නගරයක් ගොඩනැගීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල සහ ජනතාවගේ ඒකාබද්ධ සහයෝගය අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය (UDA), ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC), ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, දුම්රිය දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (WMA) සහ පරිසර පොලිසිය ඇතුළු ආයතන රැසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නගරාධිපතිනිය සිය ෆේස්බුක් සටහනක් මගින් මේ බව සඳහන් කර ඇත.

ස්ටිකරයක් නැතිවත් බෝතලයකට ඩොලර් 7.99ක් - සුරාබදු ඩිජිටල් ස්ටිකර් ජාවාරම COPF කමිටුවේදී අතටම මාට්ටු

ස්ටිකරයක් නැතිවත් බෝතලයකට ඩොලර් 7.99ක් - සුරාබදු ඩිජිටල් ස්ටිකර් ජාවාරම COPF කමිටුවේදී අතටම මාට්ටු

කොළඹ නගරාධිපතිනිය එහිදී පෙන්වා දෙන්නේ, කසළ එකතු කිරීම නගර සභාවේ වගකීමක් වුවද රජයට සහ අනෙකුත් ආයතනවලට අයත් හිස් ඉඩම් නිසි ලෙස පිරිසිදුව පවත්වා ගැනීමද අත්‍යවශ්‍ය බවයි. එවැනි ඉඩම් බොහෝවිට අනවසර කසළ බැහැර කිරීමේ ස්ථාන බවට පත්වන බවද ඇය සඳහන් කරයි.

එමෙන්ම, ජනවාරි මාසයෙන් පසු කසළ භාරගන්නා Waste-to-Energy බලාගාරය වරින් වර අර්ධ හෝ සම්පූර්ණයෙන් වසා දැමීම හේතුවෙන් කසළ එකතු කිරීමේ හා බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද නගරාධිපතිනිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා නගර සභා කණ්ඩායම් උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද ඇය සඳහන් කර ඇත.

කලා ලෝකයම කඳුළින් තෙත් කරමින් ප්‍රසිද්ධ ගායන ශිල්පී රුක්මන් අසිත සමුගනී

කලා ලෝකයම කඳුළින් තෙත් කරමින් ප්‍රසිද්ධ ගායන ශිල්පී රුක්මන් අසිත සමුගනී

තවත් ප්‍රධාන ගැටලුවක් ලෙස කසළ නිසි ලෙස වෙන් නොකිරීම පෙන්වා දෙන ඇය, නගර සභාවට භාරගත හැක්කේ නිසි ලෙස වෙන් කළ කසළ පමණක් බවත්, බොහෝවිට ලැබෙන්නේ මිශ්‍ර කසළ බවත් අවධාරණය කරයි. ඒ අනුව නිවෙස් මට්ටමින් කසළ වෙන් කිරීම ජනතාවගේ වගකීමක් බවද ඇය පෙන්වා දෙයි.

මෙම සාකච්ඡාවේදී සියලු ආයතන එක්ව අනවසර කසළ බැහැර කිරීම වැළැක්වීම, පොදු ඉඩම් පිරිසිදුව පවත්වා ගැනීම සහ කොළඹ නගරය සෞඛ්‍ය සම්පන්න නගරයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාකාරී ඉලක්කවලට එකඟ වූ බවද වාර්තා වේ.

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට