උපරිම සිල්ලර මිල නියම කිරීමට අදාළ නිර්දේශ අලුත් වෙයි..!

Report

ජාතික විගණන කාර්යාලය පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබේ.

එහි සඳහන් වන්නේ,විගණනයට අදාළ 2018 - 2022 කාලය තුළ ඉලක්කගත වැටලිම් ප්‍රමාණයට වඩා සත්‍ය වැටලීම් ප්‍රමාණය 74% සිට 56%ක් දක්වා පහත බැස ඇති බවයි.

ඒ අනුව විගණකාධිපතිවරයා සිවින් නව නිර්දේශ කිහිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

  1. ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් උපරිම සිල්ලර මිල සහතික නිකුත් කිරීමට අවශ්‍ය භාණ්ඩ වර්ග හඳුනාගෙන එම භාණ්ඩද ඇතුළත් කර නව විධාන පැනවීම සිදුකළ යුතුය.
  2. උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට අධිකාරියට තොරතුරු ඉදිරිපත් නොකරන ආනයනකරුවන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ වැටලීම් කිරීම හා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විධිමත් කිරීම.
  3. ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට ඉදිරිපත් කරන මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීමට පෙර අධිකාරිය එම මිල ගැන භෞතිකව පරීක්ෂා කිරීම ද අනිවාර්ය කිරීම.
  4. සාම්පල් පරීක්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු බවට හෝ නියමිත ප්‍රමිතිය නොමැති බවට තහවුරු වන සාම්පල් සම්බන්ධයෙන් එම වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද නොකිරීම