දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ හෙළිදරව්වක්

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Piyumika Dec 29, 2024 06:53 AM GMT
Piyumika

Piyumika

Report

දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කර තැබූ වෙිඩි ප්‍රහාරය ගැන තොරතුරු රැසක්...

පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කර තැබූ වෙිඩි ප්‍රහාරය ගැන තොරතුරු රැසක්...

ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වෙයි. අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් නොමැතිව දුම්රිය ධාවනය වීමටනම් අවම වශයෙන් දුම්රිය එංජින් 60ක ප්‍රමාණයක් අවශ්‍ය බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වනවිට ධාවන තත්ත්වයේ ඇති දුම්රිය එංජින් 50න් බෝහෝ ප්‍රමාණයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දුම්රිය එංජිමකට රැගෙන යා හැකි බර ප්‍රමාණයක් තිබුණ ද ප්‍රමාණය ඉක්මවා බර රැගෙන යාම ඊට හේතු වී තිබේ.

එමෙන්ම දුම්රිය එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස්වල හිඟයක් පසුගිය කාලය පුරාවට දක්නය ලැබුණි.

කෙසේවෙතත් මේ වනවිට එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන අමතර කොටස් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අනේ මගේ රත්තරනේ .. අපි මේ දුක කොහොම දරා ගන්නද..

අනේ මගේ රත්තරනේ .. අපි මේ දුක කොහොම දරා ගන්නද..

ඒ අනුව ඉදිරියේ දී ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකි බව සඳහන්ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එංජින්වලින් බෙහෝ ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ධාවනය කිරීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව තිබේ.

You may like this video


ReeCha