මතුගම උද්ඝෝෂණයක් , හේතුව මෙන්න
පසුගිය රජය සමයේ කිසිදු සොයා බැලීමකින් තොරව බහුජාතික සමාගම් කිහිපයක අවශ්‍යතාවය පරිදී අත්තනෝමතිකව සිදුකළ කටුපොල් වගා කිරීමේ තහනම ඉවත් කර දෙන ලෙස ඉල්ලා මතුගම නගරයේදී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
එකමුතු කම්කරු ප්‍රජා ශක්තී සංවිධානය විසින් මතුගම අවට වතු ආශ්රිත රැකියාවන් හි නිරත කම්කරු ජනතාව එක්ව පැවැත්වූ එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.
2013 වසරේ සිට කුමන්ත්රණකාරී ලෙස කටුපොල් වගාව තහනම් කිරීමේ සැලසුම් සකස් කළ බවත් එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් බහු ජාතික සමාගම් කිහිපයක අවශ්‍යතාවය පරිදී මෙම තහනම පැනවූ බවත් උද්ඝෝෂකයන් ප්‍රකාශ කර ඇත.
ඒ තුළින් දහස් ගණනකගේ රැකියා මෙන්ම ජීවන තත්ත්වය කඩා වැටුණු බව ඔවුන් ප්‍රකාශ කර තිබේ ඒ වගේම කටුපොල් වගාවෙන් පාරිසරික ගැටලු ඇතිවන බවට බොරු ප්‍රචාරයන් සිදුකරමින් මෙම තහනම පැනවූ බවට ද උද්ඝෝෂකයන් මෙහිදී සඳහන් කරයි.