කොට්ටහච්චිට අපහාස කළැයි කියන හිටපු මන්ත්‍රීට සිදු වුණ දෙය මෙන්න..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේ ය.

ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ය.

ඒ අනුව සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ ඇප මත මුදා හරින ලෙසයි.

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ඒ අනුව සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙක් පළ කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක්ව සායනවලට පවා යොමු වීමට සිදුව ඇති බව එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ ය.

එමෙන්ම, සැකකරු පැමිණිලිකාරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහන් පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව අධිකරණය හමුවේ සදහන් කර තිබෙනවා.

මින් පෙර ද කිහිප වතාවක් මේ ආකාරයෙන් කටයුතු කර ඇති බව සදහන් වේ.

එහිදී, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා දැඩි ලෙස කණගාටුවට පත්වන බව ය.

මෙම සටහන සැකකරු සිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන ලද්දේ විනාඩි අටක් වැනි කෙටි කාලයක වේ. 

ඉන් පසු එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරයා සදහන් කළේ මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙසයි.

එලෙස සැකකරුට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම කර ඇත.

You May Like This Video👇 

.