රදවා තබාගෙන ප්රශ්න කෙරූ ඉෂාරා සෙව්වන්දිට අද අධිකරණයෙන් දුන් ආන්දෝලනාත්මක තීරණය මෙන්න
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (10) නියෝග කළේය.
අදාළ සැකකාරිය මීට පෙර රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) භාරයේ රඳවා තබාගෙන ප්රශ්න කිරීම් සිදු කරමින් සිටි අතර, අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සක්රීයව ක්රියාත්මක කරනු ලබයි.