රටවසා තිබූ කාලයේ ස්ත්‍රී දූෂණ 18% න් ඉහළට - කැමැත්තෙන් ගිය අයත් ඒ අතර

By Sewvandhi Dec 20, 2021 01:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්‍රී දූෂණ ගණයටයි . මෙකී ස්ත්‍රී දූෂණ ප්‍රතිශත වර්ධනය සිදුව ඇත්තේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය නිසා රට වසා තිබූ අවධියේ බවත් පැවසෙනවා.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව තරුණියකට සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා නම් ඇගේ වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුයි ඇයට සිය කැමැත්තෙන් විවාහ විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව ගැහැනු ළමයකුගේ විවාහ වයස අවමය අවුරුදු 12 ක් විය යුතුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now