අද හෙටම රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය මෙන්න...
Sri Lanka
Sajith premadasa
Ranjan ramanayake
High court
Gotabaya Rajapakshe
By Aruna
බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද ඔහු පැවසීය.
රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.
අද හෙටම රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව විපක්‍ෂ නායකවරයා මැතකදීද ප්‍රකාශයක් සිදු කරන ලදී.
අදාල ප‍්‍රකාශයන් ගැන කරුණු විමසීමේදී ලොහාන් රත්වත්තේ මහතා ඒ බව කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |