අමෙරිකාවට යන්න ගිය රන්ජන් ආපසු හරවා එවයි.
ඊයේ 27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ, ඔහු අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම සඳහා යාමට පැමිණි අවස්ථාවෙයි.
ඊයේ රාත්‍රී 08.15ට කටාර් ගුවන් සේවයේ QR655 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ.
රන්ජන් රාමනායක කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට අමෙරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාළව ගුවන් ගමන් තහනම් කිරීමට අධිකරණය පියවර ගෙන තිබී ඇති අතර එය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |