රන්ජන් යලිත් ගස්.. බන්ධනාගාරයෙන් හමුවූ දුරකතනය ඔහුගේ.. ඊසිකෑෂ් මගින් ලක්‍ෂ 05ක් දී ගෙන්වාගෙන…

Police Ranjan
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Report

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ නවීන ජංගම කරපු දුරකථනය එම බන්ධනාගාරයේ සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බව හෙළිවී තිබේ. රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා විසින් කිසියම් පුද්ගලයෙකුට ඊසිකෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා එම දුරකතනය ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි. ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම වරද තහවුරු හොත් රාමනායක මන්ත්‍රීවරයාට බන්ධනාගාර පනත අනුව ක්‍රියා මාර්ග ගැනෙනු ඇතැයිද ඒ මහතා පැවසීය.