225 ගැනම ජනපති රනිල් ගෙන් අමුතුම කතාවක්.

By Sithumi May 13, 2023 03:37 PM GMT
Sithumi

Sithumi

Report

  ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා අවධාරණය කළේ 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් එය මෙතෙක් ලොව කිසිඳු රටක සිදු නොවුවක් බව යි.

ඒ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව  අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.