ඉදිරි වසර දෙකක කාලයක් සදහා ජනපති රනිල් කරන්න යනදේ..
ඉදිරි වසර දෙකක කාලය සදහා ආහාර අවශ්‍යතා තක්සේරු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැදවන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයේ මහලේකම්වරයාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇත.
ඒ, ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබද සමුළුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබද වට මේස සාකච්ඡාවට අද එක්වෙමින්.
ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය පවතින බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සදහන් කළේ අද වන විට ලොව පුරා බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙලෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව ඇති බවයි. 2023 වසරේ පෙබරවාරි මාසය වනවිට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර එම වසරේ පළමු කාර්තුව අවසන් වනවිට එය ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යූහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කරගත නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබෙනවා. මෙම බලපෑමට ලක්වූ රටවල් වර්ග දෙකක් ඇති අතර ඉන් එකක් තවදුරටත් ආහාර නොමැති රටවල් වනවා.
එනම් ඉහළ යන වියදම් හේතුවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රමයක් නැති හෝ තමන්ගේම ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති රටවල් බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ
දෙවැන්න ලෙස සම්ප්‍රදායිකව ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබුණද පිරිවැය ඉහළ යාම හේතුවෙන් ආහාර සපයා ගත නොහැකි රටවල් හදුනාගෙන තිබෙන බවයි