පොහොර ගැන ජනපති කළ කළ විශේෂ ප්‍රකාශය.

By Sithumi Aug 20, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අද (20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේදීයි. මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණා.

අටමස්ථානාධිපති නා හිමියන් සමග පැවති සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබුණේ කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවයි.