ජනපතිගේ නීතිඥ දිවියට වසර 50යි..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Dec 04, 2022 08:06 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී අද (04) පැවැත්විණ.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරුන් දහසකට අධික පිරිසක් සහභාගී විය.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදුකළ අතර ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරු මෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ඇතුළු දේශපාලකයන් රැසක් ද මෙම අවස්ථාවට එක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join