ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ පණිවිඩයක්..
සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදා කරගැනීමට සැවොම එක්වී කැපවිය යුතු බව ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ පණිවුඩයේ දැක්වෙන්නේ,
"සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය. ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අපි ඒ පිළිබඳ නුවණින් වටහා ගෙන, පෙර නොවූ විරූ ලෝකයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට වගබලා ගත යුතුය."
"දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එය අපේ සංස්කෘතිය හා බද්ධව පවතී. ආහාරපාන, අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්යය, විවේකය, නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව දරුවන්ගේ අවශ්‍යතාවලින් කිහිපයක් පමණි. ඒවා ලබාදීමට අපි සංස්කෘතිකමය හා නෛතික වශයෙන් බැඳී සිටිමු. රජය හැරුණු කොට ඔවුන්ගේ අවශ්‍යතා පසුවට කල් නොතබා ඉටු කිරීම මව්පියන්, ගුරුවරු ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලුදෙනාගේ ද වගකීම ලෙස මම දකිමි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
