ජනපති ආසියානු සංවර්ධන බැංකුවට කළ යෝජනාව..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 30, 2022 07:56 AM GMT
krishani

krishani

Report

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී පැවැත්විණී.

එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර ඇත.