හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (29) දින යළි කැඳවීමට නියමිතව ඇත.
මෙම නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ, ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගමන් කිරීමේදී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 24 දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශය ඇයගේ ඉල්ලීම අනුව ඇයගේ නිවසේදී සටහන් කරගෙන තිබූ බව වාර්තා වේ.