රනිල් වික්‍රමසිංහ මහතා නා උයන අනතුරට ශෝකය පළ කරයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) දින මැල්සිරිපුර, පන්සිය ගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් කරන ඩක්කුවක් කඩාවැටීමෙන් අපවත් වූ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් තම ගැඹුරු ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඛේදජනක අනතුරින් භික්‍ෂූන් වහන්සේලා හත් දෙනකු අපවත් වූ අතර, තවත් සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ඇති බව වාර්තා වෙනවා.

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරට මහින්ද ශෝකය පළ කරයි

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරට මහින්ද ශෝකය පළ කරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩය පහත;

“මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වූ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් මම මහත් ශෝකයෙන් පිරි ශෝකය ප්‍රකාශ කරමි. අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමින්ය. උන්වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.”  

මගේ ඔළුවට වෙඩි තියන්න හැදුවා පන්සල ඇතුළට කුඩු සහ තුවක්කු ගෙනත් දාලා මාව හිර කරන්න යන්නේ

මගේ ඔළුවට වෙඩි තියන්න හැදුවා පන්සල ඇතුළට කුඩු සහ තුවක්කු ගෙනත් දාලා මාව හිර කරන්න යන්නේ

අලුත් විෂයන් දෙකක් සමග පාසල් නිර්දේශය වෙනස් වේ, ගුරුවරුත් බඳවා ගැනේ

අලුත් විෂයන් දෙකක් සමග පාසල් නිර්දේශය වෙනස් වේ, ගුරුවරුත් බඳවා ගැනේ