ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

Report

අද දින (2) කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ පැවති රැකි රක්ෂා පොළ වැඩසටහනට සහභාගි වූ අතර එහිදී ගුරුවරුන් විසින් ශාරීරික දඩුවම් කිරිම පිලිබදව අදහස් දක්වා ඇත.

"තාජුඩීන්ගේ මරණෙට ඇයි නාමල් මෙච්චර කලබල? තව පෝය කීයක් එළියේ ඉන්නවද බලන්නකෝ " අමාත්‍ය මහින්ද ජයසිංහ

"තාජුඩීන්ගේ මරණෙට ඇයි නාමල් මෙච්චර කලබල? තව පෝය කීයක් එළියේ ඉන්නවද බලන්නකෝ " අමාත්‍ය මහින්ද ජයසිංහ

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

ගුරුවරුන්ට ශාරීරික දඩුවම් කිරිම පිලිබදව 1907 සිට ඒවා තහනම් කරලා තියෙන්නේ. අද ඊයේ තහනම් කරපුවා නෙවෙයි. අවසානෙට ආපු චක්‍රලේඛනයේ තමයි 2016 වසරේ හිටපු අමාත්‍යාංශ ලේකම් බන්දුසේන මහතා නිකුත් කරපු චක්‍රලේඛණය. ඒකක් මේක අලුත් දෙයක් නෙවෙයි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

දෙවනි එක තමයි දැන් මේ ගෙනල්ලා තියන පනත කිසිසේත්ම ගුරු, විදුහල්පතිවරු ඉලක්ක කරගෙන ගෙනාපු පනතක් නෙවෙයි. නමුත් අපි දකින විදිහට පාසල් තුල, ගුරු සහ විදුහල්පතිවරු තුල, සමාජය තුල යම් සංවාදයක් මතු වී තියනවා. ඒ සංවාදය හොද එකක් ලෙස අපි දකිනවා. ඒ සංවාදය තුල මතු වන කරුණුත් අපි සැලකිල්ලට ගෙන අපි ආණ්ඩුව තුල දැනටමත් මම මැදිහත් වෙලා මීට අදාළ පාර්ශවයන් සමග අභ්‍යන්තරව සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඉදිරියේදි අපේ කණ්ඩායම් රැස්වීමේදි සාකච්ඡා කරලා යම් අවශය විදිහට මේකට මැදිහත් වෙන්න කටයුතු කරනවා.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

විශේෂයෙන්ම අපි මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිවෙකුත් බිය විය යුතු නෑ. අපි එදා වගේම අදත් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු මිනිස්සු අද ආරක්ෂා කරමින් ඉදිරියටත් ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් මැදිහත් වෙන්න අපි සූදානම්ව සිටිනවා. කවුරුත් කලබල වෙන්න එපා. මොකද මේ වෙන සංවාදය ඇත්තටම හොද සංවාදයක්. ඇත්තටම අපි බලයට පත්වෙච්ච දවසේ සිට අපේ අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශයත්, ඒවගේම වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත් අපි මැදිහත් වෙමින් තියනවා මේ කාරණය සම්බන්ධයෙන්. අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා.

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි - ආරක්ෂක ඇමති කියයි

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි - ආරක්ෂක ඇමති කියයි

අවසන් සාකච්ඡාවත් පසුගිය මාසයේ වැවිලි අමාත්‍යාංශය තුල අපි පැවැත්වූවා.අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව සහ වතු පාලක අධිකාරිය සමග. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් මාසෙක කාලයක් ඉල්ලා සිටියා ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දීම සදහා. එන සතිය තුල ඔවුන්ගේ ස්ථාවරය සදහා නැවත සාකච්ඡාවක් පවත්වනවා. අපි ආණ්ඩුවක් විදිහට ඉන්න ස්ථාවරය තමයි දැනට තිබෙන රු.1350ක වැටුප රු.1700 දක්වා පත් විය යුතුයි කියන එක. ඒ ස්ථාවරය තමයි පසුගිය සාකච්ඡාවේදි වතු පාලන අධිකාරියට අපි දැනුම් දුන්නා. ඔවුන්ගේ ස්ථාවරය අපි බලමු ඒ අනුව අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා.” බවයි.

අත්අඩංගුවට ගත් මහින්දගේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට

අත්අඩංගුවට ගත් මහින්දගේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට