අත්අඩංගුවට ගත් මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්

Report

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) දින නියෝග කර ඇත.

ඒ අනුව අඳාළ නියෝගය අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු මඟින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් නිකුත් කළා.

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මතයි.

අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා පෙනී සිටීමෙන් පසුව මෙසේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් මහින්දගේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට

අත්අඩංගුවට ගත් මහින්දගේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප ඉල්ලූ පෙත්සම ඉල්ලා අස්කරගනී

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප ඉල්ලූ පෙත්සම ඉල්ලා අස්කරගනී

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්