සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම වෙනුවෙන් වන අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝම්බර් 09 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව මෙම විභාගයට අයදුම්පත්‍ර කැඳවීම පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ විය. ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේයි.

එම නිවේදනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන ඔක්තෝම්බර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

එසේම මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් අඳාළ විමසීම කළ හැකි බව ද දැනුම් දී තිබෙනවා.

0112784208 / 0112784537/0112785922 / 0112784422

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න